අන්තර්ජාල රැකියාවක් කර අසීමිතව මුදල් සේවීමට upwork මුල සිට




upwork (අප්වර්ක්) හෙවත් oDesk (ඔඩෙස්ක්).
upwork.com 

upwork කියන්නේ freelancing site එකක්. ඒ කිව්වෙ, ගෙදර ඉඳන් උනත් ස්වාධීනව වැඩ කරලා, සල්ලි අතටම ගෙන්වා ගන්න පුළුවන් site එකක්.. ඒත් නිකන් ඉඳලා සල්ලි හොයන්න පුලුවන් site එකක්නම් නෙවෙයි. ඒ වගේම උත්සහය හා කැපවීම මත මාසිකව දහස් ගණනින් සල්ලි හොයන්න පුලුවන්. මම මේ tutorial එක පටන් ගද්දිම කියන්නම්, කම්මැලි කෙනෙක් නම් මේක පටන් ගන්න එපා. එහෙම පටන් අරගෙන මගදි නැවැත්තුවොත් මහන්සි උන කාලය අපරාදේ. ඒ වගේම මූලිකව තිබිය යුතු අවශ්‍යතා මම මුලින්ම කියලා පටන් ගන්නම්:
  1. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අත්‍යවශ්‍යයි. හොඳටම බැරි උනාට කමක් නෑ. ඒත් කියවලා ටිකක් තෙරුම් ගන්න පුලුවන් දැනුමක් තියෙන්න ඕන.
  2. උත්සහය සහ කැපවීම අත්‍යවශ්‍යයි.
  3. කුමක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. (Eg: Data entry, Word, Excel, photoshop, coreldraw, autocad, Sinhala translation, programming or etc.)
  4. ජොබ් කිරීම සඳහා කාලය වෙන් කිරීම. (බාර ගන්න ජොබ් එක අනුව අවශ්‍ය කාලය වෙනස් වෙනවා. දවසට පැය බාගයක් වත් අවම වෙන් කරන්න පුලුවන්නම් හොඳයි.)
  5. ඊමේල් account එකක්, පරිගණකයක් හා අන්තර්ජාල පහසුකම්.

කොන්දේසි සහ මූලික දැනුම් දීම්:
  • මම ශමත් උදාකර. Upwork (oDesk) කරන්න පටන් ගත්තෙ 2011 අවුරුද්දෙ වගේ. අවුරුදු කිහිපයක දැනුමෙනුයි මේක ලියන්නෙ. අනාගතේ දවසක බලද්දි Screen Shots, රෙජිස්ටර් වෙන විදි,  මීට වඩා වෙනස් වෙලා තියෙන්න පුලුවන්. දැනට නොමිලේ ජොබ් වලට ඇප්ලයි කරන්න, නොමිලේ accounts හදන්න පුලුවන් උනත් ඉදිරියෙදි අප්වර්ක් එකට යම් මුදලක් ගෙවීමටද සිදු වෙන්න පුලුවන්. upwork එකේ interface එක කාලෙන් කාලෙට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. අද දින (July 2016) තියෙන විදියට තමයි screenshots තියෙන්නේ.
  • වැඩි විස්තර සඳහා ඊමේල් කරන්න- upwork.eshamath@gmail.com
  • Upwork.com | odesk.com | elance.com මේවා ඔක්කොම එකම site එක: www.upwork.com
  • එක upwork account එකකට එක computer එකකින් විතරක් log වෙන්න. එකම ලැප් එකෙන් ගොඩක් අය වැඩ කරන්න යන්න එපා. suspend වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
  • මුදල් ගෙන්වා ගන්නා ආකාරය ඉදිරියේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉහත සඳහන් කරපු අවශ්‍යතා තියෙනවනම්, කොන්දේසි වලට එකඟනම්, අපි වැඩේ පටන් ගමු මුල ඉඳන්ම:


>> Upwork Account එක සෑදීමට www.upwork.com site එකට යන්න.

>> SIGN UP click කරන්න



>> WORK click කරන්න




>> 1 සිට 8 වෙනකන් හිස්තැන් පුරවන්න.

>> අංක 4 ට ඇත්ත රට දෙන්න Sri lanka කියලා

>> අංක 5 ට (පරිශීලක නාමයට) කෑමති නමක් දෙන්න. Example: නම Shamath Udakara නම් username: sham2016 වගේ කැමති නමක් දෙන්න.

>> අංක 7 ට Drop Down menu එකෙන් කැමති එකක් තෝරන්න.

>> අංක 8 ට, ඊට යටින් තියෙන අකුරු ටික type කරන්න.

>> අංක 9 සහ 10 tick දෙක දාන්න

>> Get Started click කරන්න



>> නිවැරදිව දත්ත ඇතුලත් කර ඇත්නම් Get Started click කර විට මෙහෙම notice එකක් එයි. දැන් කලින් පුරවපු ඊමේල් එකට ලොග් වෙන්න.





>> ඊමේල් එකට log උනහම upwork එකෙන් ආපු email එකක් ඇති. ඒකෙ තියෙන confirmation link එක click කරන්න.





>> දැන් CREATE MY PROFILE click කරන්න.

>> ඔයා වඩාත්ම දක්ෂයි කියල හිතෙන ක්ෂේස්ත්‍රයට අදාල මාතෘකාව click කරන්න. උදාහරණයක් විදියට මම, “Design & Creative” click කරා. (මෙතනින් තෝරන එක පස්සේ වෙනස් කරගන්න පුළුවන්. profile එක 100% සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය නිසා හිතෙන විදියට පුරවගෙන යන්න.)




>> ප්‍රධාන මාතෘකාව යටතේ වඩාත් උචිතයි කියලා හිතෙන උප මාතෘකාව හතරක් click කරන්න.





>> Save & Continue click කරන්න.




1. Linked Accounts: මෙතනට ඔයාලගෙ තියෙන Social Media සහ වෙනත් accounts ලින්ක් කරන්න පුලුවන්. අත්‍යවශ්‍ය නෑ. ඒත් profile එකේ ස්ථාවරත්වය සහ completeness එක වැඩි වෙනවා මේවයින්.




2. Portrait: ප්‍රොෆයිල් පික්චර් එකක් දාන එක අනිවාර්යයි. Profile එක 30% ක් මේකෙන් complete වෙනවා.( edit නොකරපු, පැහැදිලිව මුහුණ පෙනෙන උඩුකයේ ෆොටෝ එකක් දාන්න. (සිනහවක් සමග ඇති ෆොටෝ එකක් වඩාත් උචිත බව upwork එකෙන් සඳන් කර ඇත.)

3.Job Title: upwork හි ඔබ කවුරුද යන්න ඉතා කෙටියෙන්. (Example: “Graphic designing and Data entry Expert”)

4. Overview: upwork හි ඔබ ගැන සවිස්තරාත්මක කෙටි හැඳින්වීමක්. ඔබේ දැනුම, දක්ෂතා හා client ට ආමන්ත්‍රණයක් වගේ දේවල්. client කෙනෙක්ගෙ හිත ඇදිල යන විදියට ලියන්න. අනිවාර්යෙන් Grammar & Spellings හරියට ලියන්න. (අකුරු 100 කට වඩා දිග විය යුතුයි.) Overview එකක සාම්පල් එකක් පහතින් දැක්වේ.




5. Skills: ඔබ සතුව ඇති කුසලතාවයන් උපරිමය 10 ක් වන සේ දාන්න. (Examples: Microsoft-Excel, word, photoshop, Logo-Designing, programming, java, wordpress…..)

6. English Proficiency: ඉංග්‍රීසි ප්‍රවීණතාව: ඔබේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණත්වය Fluent, Conversational, Basic යන වර්ග තුනෙන් එකක් තෝරන්න. Client ලගේ අවධානය වැඩියෙන් ගැනීමට “Fluent” තේරිය හැකිනම් වඩාත් උචිතයි.

7. Other Languages: වෙනත් භාෂා: මෙතනට භාෂාව "Sinhala, Sinhalese" ලෙස ඇතුලත් කර Proficiency එක Native (මවු බස) ලෙස ලබා දෙන්න. ඔබට හැකි තවත් භාෂා තියෙනවනම් ඇතුළත් කරන්න.

8. Availability to work on Upwork: upwork හි වැඩ කිරීමට සතියකට වෙන් කල හැකි උපරිම කාලය. පහත සඳහන් 3න් එකක් තෝරන්න
  • More than 30 hrs/week
  • Less than 30 hrs/week
  • As Needed - Open to Offers

>> දැන් “Save & Continue” click කරන්න.




09. Rate your Experience Level: ඔබේ කුසලතාවන්හි අත්දැකීම් මට්ටම: “Intermediate” හෝ “Expert” තෝරන්න.

10. Employment History: රැකියා ඉතිහාසය: කලින් කරලා තියෙන රැකියා පිලිබඳ තොරතුරු ඇතුලත් කරන්න. (රැකියා කරලා නැත්තම් බොරු එකක් හරි දාන්න. හිස් නොතිය හිටියනම් තමයි හොඳ).

11. Education: අධ්‍යාපනය ලබා ගත් ස්ථාන සහ විෂයන් ඇතුලත් කරන්න. (පාසල්, විශ්වවිද්‍යාල ආදිය)

12. Certifications: සහතිකපත්‍ර: ඔබ හදාරා ඇති පාඨාලා වලින් ලබා ඇති සහතිකපත්‍ර වල විස්තර ඇතුලත් කරන්න. අන්තර්ජාතික නොවන සාමාන්‍ය දේශීය සහතිකපත්‍ර නම්, Certifications යටතේ “Other” click කර විස්තර ඇතුලත් කරන්න.



13. Portfolio: මෙතනට, ඔබේ දක්ෂතාවයන් සඳහා සාක්ෂි ඉතිරිපත් කල යුතුයි. (උදාහරණයක් විදියට, ඔබ විසින් හදපු logo එකක, edit කරපු image එකක, Word Document එකක හෝ Excel sheet එකක Screenshot එකක් සහ ඒ පිලිබඳ කෙටි විස්තරයක් ඇතුලත් කරන්න. ගූගල් එකේ තියෙන ඉමේජ් එකක්නම් එහෙම් පිටින් අරන් දාන්න එපා. ඒක අප්වර්ක් එකට අනුව නීති විරෝධී.


14. Set your Hourly Rate: ඔබේ සේවයට පැයකට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය "A" ස්ථානයට ඇතුලත් කරන්න. $3 ට වැඩි අගයක් වෙන්න ඕන.
B- upwork fee එක. (මූලිකව 20% අය වන අතර එය 20%, 10%, සහ 5% ලෙස වේ. ඒ පිළිබඳ සවිස්තරව ඉදිරියේදී පැහැදිලි කරනු ඇත.)
C- upwork fee එක අඩු වුන විට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය.






15. Location Information: මෙතනට ඔබේ Address, City, County, Postal Code and Phone number ඇතුලත් කරන්න. Postal code යනු ඔබ අයත් තැපැල් වසමේ තැපැල් කේතය වේ. ඒක දන්නැත්තම් ගූගල් search කරලා හොයා ගන්න පුලුවන්. හැම විස්තරයක්ම ඇත්ත විස්තර දාන්න.





>> “Save & Continue” click කරන්න.




>> ඊට පස්සේ “Submit for Review” click කරන්න.


දැන් upwork account එක හදන වැඩේ ඉවරයි. Submit for Review කල විට අපි හදපු account එක පැය 12 ක් ඇතුලත upwork එක මගින් manually check කරනවා. කිසිම අවුලක් නැත්තම් පැය 12 ක් ඇතුලත account එක approve කරනවා. අවුලක් තිබ්බොත්, වරද නිවැරදි කරගන්නා ලෙස ඊමේල් ලිපියක් එවනවා.


Upwork කරන්න අලුතෙන් පටන් ගන්න අය profile එක හදන්න මේ විස්තර ඔක්කොම කියවලා. 


upwork profile එකේ වැදගත් කරුණු තව දුරටත් පැහැදිලිව දැන ගැනීමට මේ video එකත් බලන්න.



Upcoming Updates:
  • Fixed Price ජොබ් සහ Hourly යනු කුමක්ද සහ එවායේ වෙනස්කම්.
  • upwork තුළ ජොබ් සොයන ආකාරය, ජොබ් වලට apply කරන ආකාරය.
  • client (ජොබ් එක දෙන බොස්) කෙනෙක් එක්ක සාකච්චා කරන ආකාරය, ජොබ් එක භාර ගැනීම, භාර දීම සහ පසු ක්‍රියාකාරකම.
  • මුදල් ලැබීම සහ මුදල් අතටම ගෙන්වා ගන්නා ආකාරය.
  • 20%, 10% සහ 5% වන upwork ගාස්තු පිලිබඳ
  • Hourly Jobs සහ Time Tracker
Last Update: 4.35 am - 11th Nov 2016  




------------------------------------------------------------------------------------
2019

Upwork Video Verification 2019 December

Comments

  1. නියමයි! තවත් ලියන්න.
    ප්‍රශ්නයක්- Rate 1 ට දාන අගය පරාසය(data entry වලට)ගැන දළ අදහසක් දෙන්න පුලුවන් ද ?

    nalindaherathabcd@gmail.com

    Thanks!

    ReplyDelete
  2. Elama bro.. Mamath Wayamba applied

    ReplyDelete
  3. පැහැදිලි කිරීම ඉතාම හොදයි
    ස්තූතියි.

    ReplyDelete
  4. ගොඩක් හොඳින් පැහැදිලි කරා..මම මේ ගැන ඉගෙන ගත්තා නමුත් මට කරගෙන යන හැටි පැහැදිලි නෑ..ඒ නිසා මං අතරමැදදි නතරකරා..අලුතින් පටන් ගැනීමට අවශ්‍යයි.. android phone එකෙන් කරන්න බැරිද
    dshmcd@gmail.com

    ReplyDelete
  5. මම රෙජිස්ටර් වෙලා ඉන්නෙ. බිට් කලාට තාම කිසිම ජොබ් එකක් ලැබිල නෑ. උදව් කරන්න පුලුවන්ද.

    ReplyDelete
  6. Great job! Thanks lot. Awaiting for updates.

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=ng1_3Calv0Q
    You can join with our video series..

    ReplyDelete

Post a Comment